අලුත් අවුරුදු නිසා අද ඉඳන් 16 වෙනකල් මේ ප්‍රධාන පිවිසුම වසා ඇත - දැනුම්දීමක්
ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ කුඩව ප්‍රධාන පිවිසුම අද (10) සිට ලබන 15 දා දක්වා වසා තබන බව වාර්තා වේ.
ඒ අනුව මේ බව සිංහරාජ වන පාලක කාර්යාලය විසින් මහජනතාවට දැනුම් දෙයි.
සිංහරාජ වන පාලක එස්. ඩී. නිමල් මහතා ප්‍රකාශ කළේ අලුත් අවුරුදු නිවාඩුව සඳහා මෙසේ ප්‍රධාන පිවිසුම වසා තැබෙන අතර ලබන 16 දා සිට සුපුරුදු පරිදි සංචාරකයන් සඳහා වනාන්තරයේ ප්‍රධාන පිවිසුම නැවත විවෘත කරනු ඇති බවයි.