සුබ ආරංචියක් මේ අයට රජයෙන් රුපියක් 5000ක සහනාධාරයක්

Report

නව QR ක්‍රමවේදය හඳුන්වාදීමත් සමඟ කුඩා හා මධ්‍ය පරිමාණ තේ ගොවීන් සඳහා සහනාධාර පොහොර නිකුත් කිරීමේ ප්‍රගතිය සියයට 62.2ක ඉහළ යාමක් පෙන්නුම් කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය නිවේදනය කරයි.

මාර්තු 31 වනවිට මෙම ක්‍රමවේදය යටතේ ගොවීන් 226,511 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර, ඉන් ගොවීන් 187,759 දෙනෙකු සඳහා සහනාධාර පොහොර මෙට්‍රික් ටොන් 21,117.7ක් ලබාදී අවසන්ය.

රජය විසින් දැනට කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් සඳහා රුපියල් 4,000ක සහ කිලෝග්‍රෑම් 25ක මිටියක් සඳහා රුපියල් 2,000ක මූල්‍ය සහනාධාරයක් ලබා දෙයි.

වේරහැරට ලයිසන් එක හදන්න යන්නේ බලාගෙන - වංචාවක් පිළිබදව තොරතුරු එළියට

වේරහැරට ලයිසන් එක හදන්න යන්නේ බලාගෙන - වංචාවක් පිළිබදව තොරතුරු එළියට

ඒ අනුව මේ වනවිට කිලෝග්‍රෑම් 50ක මිටි 334,256ක් සහ කිලෝග්‍රෑම් 25 මිටි 176,199ක් ගොවීන් වෙත නිකුත් කර තිබේ.

2024/25 සම්පූර්ණ වර්ෂයේදීම සහනාධාර ලබාගෙන තිබුණේ ගොවීන් 84,472 දෙනෙකු පමණක් වුවද, නව ක්‍රමවේදය යටතේ මාස හයක් වැනි කෙටි කලකදී එම සංඛ්‍යාව 187,759 දක්වා ඉහළ ගොස් ඇත.

මෙය පෙර වසරට සාපේක්ෂව සියයට 122.3ක වර්ධනයකි. මීට අමතරව, මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය සැලකිල්ලට ගනිමින් කුඩා තේ වතු හිමියන් සඳහා විශේෂ අමතර පොහොර සහනාධාරයක් ලබාදීමට ද රජය තීරණය කර ඇත.

ඒ අනුව පවතින සහනාධාරයට අමතරව, මේ වසර තුළ එක් වතාවක් පමණක් ලබාදීම සඳහා කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියකට රුපියල් 5,000ක අමතර සහනාධාරයක් භාණ්ඩාගාරය මඟින් වෙන් කර තිබේ.

කතානායක වනචරයන්ට බය වෙලා පාර්ලිමේන්තුව විහිළුවක් වෙලා - ඇමති බිමල් පාර්ලිමේන්තුවේ දෙහි කපයි

කතානායක වනචරයන්ට බය වෙලා පාර්ලිමේන්තුව විහිළුවක් වෙලා - ඇමති බිමල් පාර්ලිමේන්තුවේ දෙහි කපයි

මෙම ප්‍රතිලාභය ද වසර අවසානයට පෙර QR ක්‍රමවේදය ඔස්සේම ගොවීන් වෙත ලබාදීමට සැලසුම් කර ඇත. 2030 වසර වනවිට මෙරට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වා ඉහළ නැංවීමටත්, තේ අපනයන ආදායම ඩොලර් බිලියන 2.5 දක්වා වර්ධනය කිරීමටත් අපේක්ෂා කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.