ජනපතිගේ සහන පැකේජයට IMF හි ප්‍රසාදය හිමිවෙයි

Report

මේ වනවිට පවතින මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති මෙරට සහන අවශ්‍ය කණ්ඩායම් වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබාදුන් රුපියල් බිලියන 100ක සහන පැකේජය අගය කරන බව ශ්‍රී ලංකාව සඳහා වන මෙහෙයුම් මණ්ඩල ප්‍රධානි එවන් පැපජෝර්ජියෝ [Evan ප්‍රකාශ කර ඇත.

එතුමා මේ බව සදහන් කළේ මාධ්‍යවේදීන් නැඟූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඊයේ (09) කොළඹ මහ බැංකු මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

පාර්ලිමේන්තුව සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තුව සභාවාරය ඇරඹෙයි

මෙරට ආනයන අපනයන වෙළෙඳාමට, සංචාරක ඉපයීම්, විදේශ ප්‍රේෂණ අඩු වීම ඇතුළු සෘජු බලපෑම් ගණනාවක් මැදපෙරදිග තත්ත්වය හේතුවෙන් සිදුවිය හැකි බව අවධාරණය කළ IMF මෙහෙයුම් මණ්ඩල ප්‍රධානියා, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම සාර්ථක මට්ටමකට ළඟාවී ඇති මෙහොතක බදු ආදායම් කාන්දුවීම් වැළැක්වීමට පියවරගත යුතු බවද සදහන් කර තිබේ.

  තවද ආර්ථික ප්‍රතිසංස්කරණ, විශේෂයෙන් රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් සිදු කරනු ලබන ප්‍රතිසංස්කරණ හා කම්කරු නීති රීති ඇතුළු ආයෝජන හිතකාමී නව නීති රීති බලගැන්වීම අනිවාර්යයෙන් කළ යුතු බවත් අවධාරණය කරන ලදි 

ලෝකෙම හෙල්ලූ එප්ස්ටයින් සම්බන්ධ කරන චෝදනා මෙලනියා ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි

ලෝකෙම හෙල්ලූ එප්ස්ටයින් සම්බන්ධ කරන චෝදනා මෙලනියා ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි