බූස්ටර් මාත්‍රාව ගැන ඇති අඩු උනන්දුව, අනාගත අවදානමකට අත වැනීමක් බවට හෙළිදරව්වක්

sri lankans trending news gagana news sri lanka sinhala news today hot news Booster injjection
By krishani Jan 14, 2022 11:12 PM GMT
krishani

krishani

Report

පසුගිය 11 වැනි දා සිට 17 වැනි දා දක්වා ෆයිසර් බූස්ටර් එන්නත දීප ව්‍යාප්ත ව සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සහ සියලු ම රජයේ රෝහල්වල උදේ 08 සිට රාත්‍රී 08 දක්වා ලබා දුන්නත් ඊට ජනතාව යොමුවීමේ ඉතා අඩුවක් පෙනෙන්නට ඇති වාර්තා වෙනවා.

මේ බව සඳහන් කරමින්, විශේෂඥ වෛද්‍ය දිලිප් ලියනගේ සඳහන් කළේ, පළමු වැනි හා දෙවැනි මාත්‍රා ලබාගැනීම සඳහා ජනතාව තුළ පැවති උනන්දුව බූස්ටර් මාත්‍රාව ලබාගැනීම සඳහා නො මැති බව යි.

කොවිඩ් මර්දනය සඳහා සිදු කරන එන්නත්කරණය ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා දෙන බවට වෛද්‍ය විද්‍යාත්මක ව තහවුරු කර තිබියදීත් මෙසේ ජනතාව ඒ ගැන උනන්දු නො වීම තුළින් සමාජය යළි ව්‍යසනයක් කරා යා හැකි බව යි විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේ.

පළමු සහ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස තුන් වැනි රැල්ලේ දී මරණ අනුපාතිකය සහ සංකූලතා ඇති වීම ඉතා අඩු මට්ටමක පැවති බව සඳහන් කරන වෛද්‍යවරයා, මාස හයක් පමණ ගතවීමෙන් පසු කෙමෙන් අඩුවෙන ප්‍රතිශක්තිකරණය හමුවේ, නැවත රැල්ලක් පැමිණිය හොත් තත්ත්වය අවදානම් බව ප්‍රකාශ කරනවා.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now