ඉදිරි දිනවලදී ඉන්ධන මිල අඩු වෙයිද? රජයේ ස්ථාවරය ගැන මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් හදිසි ප්‍රකාශයක්

Report

වර්තමානයේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් පහළ ගියද, එම මිල ගණන් අනුව මෙරට පවතින ඉන්ධන මිල පහළ දැමීමට කිසිදු හැකියාවක් නොමැති බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා සදහන් කර තිබේ.

 රටේ ආර්ථික තත්ත්වය පැහැදිලි කිරීම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (17) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැහැදිළි කර තිබේ.

වර්තමානයේ මෙරට තුළ පරිභෝජනය කරමින් පවතින්නේ මීට පෙර ඉහළ මිලකට මිල දී ගත් ඉන්ධන බැවින්, එම මිල ගණන් යටතේ ආනයනය කළ ඉන්ධන තොග අවසන් වන තුරු මෙරට තුළ ඉන්ධන මිල පහත දැමීමට හැකියාවක් නොමැති බව ඔහු සදහන් කර ඇත .

කෙසේ වෙතත් වැඩි මිල ගණන්වලට ආනයනය කළ ඉන්ධන පරිභෝජනය කර අවසන් වූ පසු, මිල සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකි වන බව තව දුරටත් ප්‍රකාශ කර තිබේ.

ලංකාවේ ඉන්ධන මිල අඩු කිරීම ගැන ඉඟියක් - ලබන සිකුරාදා වෙන්න යන අලුත්ම වෙනස - ඇමති නලින්ද කරුණු හෙළි කරයි

ලංකාවේ ඉන්ධන මිල අඩු කිරීම ගැන ඉඟියක් - ලබන සිකුරාදා වෙන්න යන අලුත්ම වෙනස - ඇමති නලින්ද කරුණු හෙළි කරයි

ළඟදීම දිනවල පෙට්‍රෝලියම් එකෙන් ගත්ත පෙට්‍රල්, ඩීසල් ගැන එහෙම අන්තිමට ගත්ත ෂිප්මන්ට් එකේ එහෙම මිල අඩු වෙලා තියෙනවාද?

මේ ප්‍රශ්නයට ඔහු ළබා දුන්නේ මෙවන් පිළිතුරක්

"අපිට ඉදිරියේදී එන්න තියෙන්නේ කලින් මාසවල ගත්ත ඒවා. ඒ අනුව තමයි මිල තීරණය වෙන්නේ. ඉදිරියට පරිභෝජනය කරන්න තියෙන්නේ අපි වැඩි මිලට ගත්ත ඒවා ටික. අඩු මිලේ ඒවා ඉදිරියේදී තමයි අපිට ලබාගන්න වෙන්නේ. ඒකට යම් කාල පමාවක් යාවි. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මිල අඩු වේවි කියලා. ඒ අනුව, මේ දැන් ලබා දී තිබෙන සහනය අපිට අයින් නොකර මේ මිලේම පවත්වා ගැනීම හෝ මිල අඩු කිරීම ඉදිරියේදී සලකා බලනවා."