පාලන මිල උල්ලංඝනයට දැඩි ක්‍රියාමාර්ග

Report

නියමිත මිලට වඩා ඉතා ඉහළ මිලකට කීරි සම්බා සහල් අලෙවි කළ අක්කරපත්තුව ප්‍රදේශයේ වෙළෙඳසැලකට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කිරීමට අධිකරණය කටයුතු කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අම්පාර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත්තේ අක්කරපත්තුව, ප්‍රධාන වීදියේ පිහිටි වෙළෙඳසැලකයි. රජයේ ගැසට් නිවේදනවලට අනුව කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 260ක්.

එහෙත් අදාළ වෙළෙඳසැල මගින් කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් 2ක් රුපියල් 800කට අලෙවි කර ඇති අතර, ඒ අනුව ඔවුන් සහල් කිලෝග්‍රෑම් එකක් අලෙවි කර ඇත්තේ රුපියල් 400 බැගින්.

පළාත් සභා ඡන්දය පැවැත්වීම ගැන දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගේ සාකච්ඡාවක්

පළාත් සභා ඡන්දය පැවැත්වීම ගැන දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගේ සාකච්ඡාවක්

ඒ අනුව නියමිත පාලන මිලට වඩා සහල් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 140ක මුදලක් අසාධාරණ ලෙස පාරිභෝගිකයින්ගෙන් අයකරගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් අක්කරපත්තුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, එහිදී වරද පිළිගත් අදාළ වෙළෙඳසැල් හිමිකරුට අධිකරණය විසින් රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර තිබෙනවා.

ශ්‍රී ලංකා–ඊශ්‍රායල සබඳතාවට නව තල්ලුවක්

ශ්‍රී ලංකා–ඊශ්‍රායල සබඳතාවට නව තල්ලුවක්