ශ්‍රී ලංකා–ඊශ්‍රායල සබඳතාවට නව තල්ලුවක්

Report

ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපති රූවෙන් අසාර් සහ විජිත හේරත් අතර අද (30) විශේෂ හමුවක් පැවැත්වී තිබේ.

ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපති කාර්යාලය සඳහන් කළේ, එම සාකච්ඡාවේදී දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සහ දිගුකාලීන මිත්‍රත්වය නැවත තහවුරු කිරීම කෙරෙහි අවධානය යොමු වූ බවයි.

එමෙන්ම, ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවී සිටින බවත්, දෙරට ජනතාවට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලැබෙන අයුරින් විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීමට බලාපොරොත්තු වන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

HSBC බැංකුවේ Retail Banking Business සේවාවන් අදින් අවසන්

HSBC බැංකුවේ Retail Banking Business සේවාවන් අදින් අවසන්

ගොවීන්ගේ ගැටළු වැඩිවෙයි - පොහොර නැතිව ගොවීන් අපහසුවට

ගොවීන්ගේ ගැටළු වැඩිවෙයි - පොහොර නැතිව ගොවීන් අපහසුවට