සුළු මොහොතකට පෙර වෙඩිතැබීමක්

Report

අවිස්සාවේල්ල - කොස්ගම, බොරළුගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇත.

එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසයි.

උදව් කරන්න ආපු කොල්ලෝ ටිකට අම්බානක ගහලා - බෝට්ටුවත් හොරකම් කරන්න හදලා

උදව් කරන්න ආපු කොල්ලෝ ටිකට අම්බානක ගහලා - බෝට්ටුවත් හොරකම් කරන්න හදලා

ත්‍රීරෝද රථයකින් ගමන්කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර, මේ වනවිට ඔහු තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇත. මෙලෙස තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 40ක් වන හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.

වෙඩික්කරුවන් යතුරුපැදියකින් පැමිණ ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත.

රජයෙන් ජනතාවට තවත් වන්දියක්

රජයෙන් ජනතාවට තවත් වන්දියක්

කෙසේ නමුත් වෙඩි තැබීමට හේතුව හෝ භාවිතා කළ අවිය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව පොලීසිය පැවසීය. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොස්ගම පොලීසිය ඇතුළු පොලිස් කණ්ඩායම් 4ක් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.