සංවේදනා ගායක ශේන් ගැන ඇසෙන කණගාටු පුවත.. ඔහුට සිදුවූ දේ...(PHOTOS)
සංවේදනා මහදේ දරා මං ඉන්නෙ මුලු රෑම නොනිදා නිදා පෙම් චේතනා ඇවිලී ගියා දුක් ගින්න මට දීල ඔබ ගිය නිසා පවනේ පවා මුසුවීගියා මං ගැයුව දුක් ගායනා” සංවේදනා, ආදරේ වේදනා වැනි අපූරු නව යුගයෙ ගීතයන් ගායනා කල නවක පරපුරෙ සුපිරිම ගායන තරුවක් තමයි ෂේන් සිං කියන්නෙ.
ෂේන් ප්රේක්ෂකයන් අතර ඉමහත් ආදරයක් ,ජනප්රියත්වයක් ලබාගත්තෙ සංවේදනා ගීතයෙන්. ඒ වගේම ස්ටේජ් සංගීත ප්රසංග වල ඔහු නැතුවම බැරි ගායකයෙක්. තරුණ කාගෙත් හදවතෙ ගායකයෙක් වන ඔහු ‘ලයින් වන්’ සංගීත කණ්ඩායමේ හිමිකරු වශයෙන්ද කටයුතු කරනවා. ඔහු මේ තරම් ආදරයට පාත්ර වී සිටින්නෙ හදවතට දැනෙන්න ගයන්න තරම් හඩකට උරුමකම් කියන නිසයි.
ඉතින් කලකට පෙර නිතරම දකින්නට ලැබුණු ඔහු දැන් නිතර පෙනෙන්නට ලැබෙන්නෙ නැහැ.ප්රේක්ෂකයින් මේ තරම් ඔහු ගැන සෙවිල්ලෙන් සිටින්නෙ ඔහුටම ආවේණික ශෛලියක් ඔස්සෙ ගායනයෙන් ප්රේක්ෂක සිත් ඇදබැද සිටින නිසයි. කලක් නිහඩව සිටි ඔහු පසුගිය දෙසැම්බරයෙදී පෝර්ට් සිටි හිදී ගායනය කිරීම බොහෝ අයගෙ සතුටට හේතුවක් වුනා.ඔහුගෙ සමීපතමයින් පවසන අන්දමට ඔහු ඉතාමත් සැහැල්ලුවෙන් සිටින විනෝදකාමී චරිතයක්
. හැමෝමත් සමගම බොහොම සහයෝගයෙන් යුතුව කටයුතු කරන කෙනෙක්. අපට ඔහු ගැන දැනගන්නට ලැබුනේ නම් තරමක ශෝකාකූල පුවතක් .එනම්, අද දින ඔහු පැය දෙකක පමණ සැත්කමකට සූදානම් වන බවයි . ඉතින් ඔහු ඒ පිළිබඳව ඡායාරූප කිහිපයක් සමගින් සටහනක් එක්කර තිබුණා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඔහු සැත්කමකට සූදානම් වන බව පවසා සිටියත් ඒ පිලිබදව වැඩිදුරටත් සදහන් කර තිබුණෙ නම් නැහැ. ඒ කොහොම වුනත් සැත්කම සදහා සූදානම් වන ෂේන් සිංට අපි ඉක්මන් සුවය ප්රාර්ථනා කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



