පවතින සංචරණ සීමා ගැන යුද හමුදාපතිගේ පැහැදිලි කිරීම.(VIDEO)

Covid Corona Shavendra Silva Sri Lanka Isolating
By Aruna Jun 07, 2021 05:23 AM GMT
Aruna

Aruna

Report

දැනට පවතින සංචරණ සීමා දීර්ඝ කිරීමට මේ මොහොතේදී තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද (07) උදෑසන පුවත්පත් වැඩසටහනක් සමග සම්බන්ධවෙමින් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඒ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, "සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කළ යුතුයි කියලා නිර්දේශයක් අද උදෑසන වනවිටත් අපි වෙත ලැබිලා නෑ. ඒ වගේම ජනාධිපතිතුමාටවත් කාර්ය සාධක බළකාය වෙතවත් එවැනි නිර්දේශයක් ඇවිල්ලා නෑ. සාමාන්‍යයෙන් එහෙම තත්ත්වයක් තියෙනවා නම් මේ වෙද්දි දැනුම් දෙනවා. 14ට තව සතියක් තියෙනවා. ඉදිරියේදී රටේ තියෙන තත්ත්වය විශ්ලේෂණය කරලා එවැනි දෙයක් අවශ්‍ය වුණොත් ඒ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. නමුත් දැනට එවැනි තත්ත්වයක් නෑ."

මේ අතර දවසේ වැඩිදුර තොරතුරු ගගන හිමිදිරිය තුලින් දැනගන්න පහත වීඩියෝව නරඹන්න.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now