අද සිට අධිවේගයේ යන වාහනවලට මෙම නීතිය ක්රියාත්මකයි - සියලු වාහන පරික්ෂා කරයි
ආසන පටි නොමැති වාහන වෙනුවෙන් රජයෙන් ලබා දී තිබූ මාස තුනක සහන කාලය අද (19) දිනයෙන් අවසන් වේ.
එබැවින් අද පෙරවරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයට ගැලණිගම පිවිසුමෙන් ඇතුළු වීමට පැමිණි පෞද්ගලික වාහන සහ මගී බස් රථවල ගමන් ගන්නා මගීන්, ආසන පටි පැළඳ සිටිනවාද යන්න සම්බන්ධයෙන් පරික්ෂා කිරීම සිදු කර ඇත.
එම අවස්ථාවේදී පානදුර සිට කඩුවෙල තෙක් ගමන් ගත් පෞද්ගලික බස් රථයක මගීන් 33 දෙනාම ආසන පටි පැළඳ නොසිටි බවට පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇති අතර එහිදී පොලිසිය නීතිය ක්රියාත්මක කළ බව වාර්තා වේ.