ගුවන්තොටුපළේ අතුරුදන් වූ කතුර නිසා වෙච්ච හදියක්. - ගුවන් ගමන් අවලංගු වෙයි.
ජපානයේ ගුවන් තොටුපළක ගබඩාවක තිබූ කතුරක් අතුරුදහන් වීම නිසා පසුගියදා ගුවන් ගමන් 36ක් අවලංගු කර ඇති අතර, ගුවන් ගමන්වාර 201ක් ප්‍රමාද වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ, අනුව හොක්කයිඩෝහි New Chitose ගුවන් තොටුපළේ අභ්‍යන්තර පර්යන්තයේ ආරක්ෂක පරීක්ෂණ පසුගිය සෙනසුරාදා උදෑසන පැය දෙකක පමණ කාලයක් මේ හේතුවෙන් අත්හිටුවා තිබෙනවා.
ජනවාරියේ සිට වසර 3ක් රාජ්‍ය සේවක වැටුප වැඩි වන හැටි - අඩුම වැටුප රු.55,000කට වැඩියි. වැරදි ප්‍රචාර රජය නිවැරදි කරයි.
පිටත්වීමේ විවේකාගාරයේ සිටි මගීන්ට ආරක්ෂක පරීක්ෂාවන් නැවත කිරීමට සිදු වූ බැවින් විශාල ලෙස අවහිරතා සහ පෝලිම් තිබූ බවයි වාර්තා වන්නේ.
අතුරුදහන් වූ කතුර සොයා ගැනීමට බලධාරීන් උත්සාහ කර ඇති අතර, පසුදින සේවකයින් එය සොයාගෙන තිබුනා.
මෙය පැහැර ගැනීම් හෝ ත්රස්තවාදයට සම්බන්ධ විය හැකි සිදුවීමක් බව විය හැකි බවත්, එම නිසා කළමනාකාරිත්වය දැනුවත් කිරීම සහතික කිරීමට කටයුතු කළ බවත්, ගුවන්තොටුපළ නිවේදනය කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනතාව ගුවන් තොටුපළේ ප්‍රතිචාරය පැසසුමට ලක් කර ඇති අතර, කිහිප දෙනෙකු පවසා ඇත්තේ, එම ක්‍රියාව ජපාන ගුවන් ආරක්ෂාව පිළිබඳ ඔවුන්ගේ විශ්වාසය යළිත් තහවුරු කළ බවයි.