අද දිවයින පුරා කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක්..මේ ප්‍රදේශ වල ජනතාව අවධානයෙන් ඉන්න.

Western Province Sweden Weather
By Aruna Nov 30, 2024 01:06 AM GMT
Aruna

Aruna

Report

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ෆෙන්ගල් (FENGAL) සුළිකුණාටුව ඊයේ (29) ප.ව. 11.30 පමණ වනවිට ත්‍රිකුණාමලයට කි.මී. 360ක් පමණ උතුරු දෙසින් සහ කන්කසන්තුරය සිට කි.මී. 280ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද (30) සවස් කාලයේදී උතුරු තමිල්නාඩු-පුදුචෙරි වෙරළ වෙත ලඟා වනු ඇති බවයි දැනුම්දී ඇත්තේ.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ පැවසුවේ, දිවයිනේ කාලගුණයට මෙම පද්ධතිය මගින් වන බලපෑම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බවයි.


කෙසේ නමුත් උතුරු පළාතේත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අහස වලාකුළින් බරව පවතින අතර, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවිය හැකි බව ද දන්වා ඇත.

ලග්න කිහිපයකට අද වාසනාවෙ දොර ඇරලා පේන දිනයක්..සියලු ලග්නයන්ට ශුභ අශුභ ඵල මෙන්න..

ලග්න කිහිපයකට අද වාසනාවෙ දොර ඇරලා පේන දිනයක්..සියලු ලග්නයන්ට ශුභ අශුභ ඵල මෙන්න..


තවද විශේෂයෙන් උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩිතරමක තද වැසි ඇති වේ.

සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර බස්නාහිර, වයඹ සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව ද දන්වා ඇත.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

උතුරු, උතුරුමැද, වයඹ, නැගෙනහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට පැ.කි.මී. 50-55 අතර තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

You May Like This Video



ReeCha