පාසල් සිසුවා අමානුෂික පොලිස් පහර කෑමෙන් රෝහලේ..බිම දමා කොන්ද පෑගූ බව සිසුවා කියයි...

Sri Lanka Police Sri Lanka Police Investigation School Children
By Sewvandhi Aug 08, 2024 12:40 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පයාගල පොලීසියේ රථවාහන අංශ නිලධාරීන් අමානුෂික ලෙස පහරදුන් බව පවසමින් 16 හැවිරිදි පාසල් සිසුවෙකු රෝහල්ගත කර ඇති බව වාර්තාවනවා.

පොලීසිය පවසන්නේ, මෙලෙස රෝහල්ගත කර ඇත්තේ පයාගල මලේගොඩ ප්‍රදේශයේ පදිංචි තරුෂ ජිනාල් නමැති පාසල් සිසුවෙක් බවයි.

ඊයේ (07) පස්වරුවේ රෝහල්ගත කර ඇති සිසුවා මිතුරෙකු සමග පියාට අයත් යතුරුපැදියෙන් අසල ඇති වෙළෙඳසැලකට ගොස් තිබේ.

එහිදී මිතුරා ආරක්ෂිත හිස්වැසුමක් පැළඳ නොසිටි බව වාර්තා වෙයි. ඒ බව දුටු පයාගල පොලීසියේ රථවාහන අංශයේ ජංගම රාජකාරීවල නිරතවී සිටි නිලධාරින් දෙදෙනකු ඔවුන් පසුපස හඹා ගොස් යතුරුපැදිය නතර කර බැනවැදී තිබේ.

නගරයක් රත් කරමින් තවත් බිහිසුණු වෙඩිතැබීමක්..

නගරයක් රත් කරමින් තවත් බිහිසුණු වෙඩිතැබීමක්..

ඉන් බියට පත්වී ඇති පාසල් සිසුවා යතුරුපැදිය ක්‍රියාත්මක කර අසල ඥාති නිවසක් කරා එය ධාවනය කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව නැවත ඔවුන් ලුහුබැඳ පැමිණි පොලිස් නිලධාරීන් යතුරුපැදියේ පසුපැදිකරු ලෙස සිටි සිසුවාට පහරක් එල්ලකර තිබේ. පසුව යතුරුපැදිය ධාවනය කළ සිසුවාට කිහිප වරක් පහරදී ඇති බවද පැවසෙයි.

පහරකෑමෙන් බිම ඇදවැටී ඇති සිසුවාව මෙලෙස රෝහල්ගත කර ඇත. බිම ඇද වැටුණු පසු පොලිස් නිලධාරියෙක් තමාගේ කොන්ද ප්‍රදේශය පෑගූ බවයි අදාළ සිසුවා ප්‍රකාශ කර ඇත්තේ.

පහරකෑමට ලක්වූ පාසල් සිසුවා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහු 5 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් පහරකෑ සිසුවාගේ පියා වන ඩබ්ලිව් .ඒ. අසංක විසින් මේ සම්බන්ධයෙන් කළුතර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

තමාගේ පුතාට මෙන් තවත් දරුවෙකුට මෙවන් අමානුෂික පහරදීමක් සිදුනොකිරීමට කටයුතු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි ඔහු පවසන්නේ.

ReeCha