දිවයින පුරා පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්..!

Ministry of Education Sri Lanka
By Sewvandhi Aug 05, 2022 08:30 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සියලුම රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් ලබන සතියේත් දින 03ක් පමණක් පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව නැවත දැනුම්දෙන තුරු සතියේ සදුදා, අඟහරුවාදා හා බ‍්‍රහස්පතින්දා දිනවලදී පාසල් පැවැත්විය යුතු වූවද 2022.08.11 වන බ‍්‍රහස්පතින්දා දින රජයේ නිවාඩු දිනයක් වන බැවින්, උක්ත සතිය තුළ පාසල් පැවැත්වීමේදී පහත සඳහන් පරිදි සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.


1. එම සතියේ සදුදා, අඟහරුවාදා හා බදාදා දිනවලදී පාසල් පැවැත්වීම සහ සිකුරාදා දින සිසු සිසුවියන්ට නිවෙස් පාදක ක‍්‍රියාකාරකම් ලබාදීම හෝ මාර්ගගත ක‍්‍රමයට ඉගැන්වීම් කටයුතු සිදු කිරීම. 2. ප‍්‍රවාහන අපහසුතා බලනොපාන පාසල්වල විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ එකඟතාවය අනුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ අනුමැතිය මත සිකුරාදා දින ද පාසල් පැවැත්වීම හා සෑම ගුරුවරයෙක්ටම අවම වශයෙන් සතියට දින තුනක් පාසල් පැමිණ ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට හැකිවන පරිදි නම්‍යශීලි කාලසටහනක් සකස් කිරීම.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now