ට්‍රම්ප්ගේ තීරුබදු අඩු කළේ නැත්තම් කරන දේ දන්නවා බ්‍රසීලයෙන් තර්ජනයක්

Donald Trump United States of America Brazil Sinhala news Breaking News
By Kaushi Jul 11, 2025 01:20 PM GMT
Kaushi

Kaushi

Report

තමන්ගේ රටට විරුද්ධව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 50%ක තීරු බදු වැඩි කිරීමට ගෙන ඇති තීරණය පිළිබඳව බ්‍රසීල ජනාධිපතිවරයා අමෙරිකාවට අනතුරු ඇඟවීමක් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා මහතා අමෙරිකානු ජනාධිපතිවරයා පළි ගැනීමක් වශයෙන් තම රටට විරුද්ධව 50%ක තීරු බදු ඉහළ දැමීමක් සිදුකළොත් අමෙරිකාවටද පළි ගැනීමේ තිරු බදු ප්‍රකාශයට පත් කිරීමට තමන් තීරණය කරන බව ප්‍රකාශ කරයි.

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

මෙම පියවර බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට විරුද්ධව බ්‍රසීලයේ අපරාධ නඩු විභාගය පිළිබඳ ට්‍රම්ප්ගේ විවේචනයට ප්‍රතිචාර ලෙස ගෙන ඇත.

එමෙන්ම තම X ගිණුමේ සටහනක් තබමින් බ්‍රසීල ජනාධිපතිවරයා කියා ඇත්තේ බ්‍රසීලය ස්වාධීන ආයතන ඇති ස්වෛරී ජාතියක් වන බවත් කිසිදු ආකාරයක රැකවරණයක් පිළි නොගන්නා බවත් ය.

එසේම අඳාළ සටහන ඔස්සේ ඔහු විසින් තවදුරටත් ඒක පාර්ශ්විකව තීරු බදු වැඩි කිරීමේ ඕනෑම පියවරකට බ්‍රසීලයේ ආර්ථික අන්‍යෝන්‍ය නීතියට අනුව ප්‍රතිචාර දක්වනු ඇති බවත් දක්වා ඇත.

මේ සමඟම එරට ඊයේ (10) දින පැවැති රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවකදීද බ්‍රසීල ජනාධිපතිවරයා ට්‍රම්ප්ට තර්ජනය කර ඇති බව සඳහන්.

කිඹුලාවල උණුසුම් වෙයි

කිඹුලාවල උණුසුම් වෙයි

එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ සාකච්ඡාවක් නැති නම් අන්‍යෝන්‍ය ගිවිසුම් නීතිය ක්‍රියාත්මක කරන බවත් අමෙරිකානු ජනාධිපතිවරයා බ්‍රසීලයෙන් අමෙරිකානු ඩොලර් 50ක් අය කරන්නේ නම් බ්‍රසීලයද අමෙරිකාවෙන් අමෙරිකානු ඩොලර් 50ක් අය කරන බවයි.

ඊට අමතරව ඔහු කියා ඇත්තේ මෙම වසර මුලදී බ්‍රසීලය තීරුබදු පළි ගැනීමට ඉඩ සලසන අන්‍යෝන්‍ය නීතියක් සම්මත කළ බවයි.

තවද රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් අසාර්ථක වුවහොත් එය සක්‍රීය කළ හැකි බවටද බ්‍රසීල ජනාධිපතිවරයා පවසා ඇත.

ජොන්ස්ටන්ගේ දුවව ගිනි තියන්න හදලද? ජොන්ස්ටන් වන්දි එපා කියයි

ජොන්ස්ටන්ගේ දුවව ගිනි තියන්න හදලද? ජොන්ස්ටන් වන්දි එපා කියයි

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදී ඔහුගේ මෙම තර්ජනය මාස කිහිපයකට පසු තවත් රටක් ට්‍රම්ප්ගේ තීරුබදු තර්ජනයට සමාන තර්ජනයක් ඉදිරිපත් කළ පළමු අවස්ථාව ද වේ.

මෙසේ මින් පෙර චීනයද අමෙරිකාවට මෙම තීරුබදු පිළිබඳව තර්ජනය කර ඇති බව සඳහන්.

අදත් ප්‍රදේශ කිහිපයකට කාලගුණයෙන් අනතුරු අඟවයි

අදත් ප්‍රදේශ කිහිපයකට කාලගුණයෙන් අනතුරු අඟවයි

ReeCha