එක් පළාතක පාසල් දින පහම විවෘත වේ.. විශේෂ නිවේදනයක්
By Sewvandhi
මේ මස 8 වැනි දා සිට උතුරේ සියලු ම පාසල් දින පහ පුරා ම පවත්වා ගෙන යන ලෙස උතුරු පළාත් අධ්‍යාපන ලේකම්වරයා නිවේදනයක් මඟින් පාසල් දැනුම්වත් කර තිබෙනවා.
ප්‍රවාහන පහසුකම් ඉතා ම දුර්වල පළාත්වල පාසල් ආරම්හ කිරීම හා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විදුහල්පතිවරු හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු රැස් වී සාකච්ඡා කොට තීරණයක් ගන්නා ලෙස යි එම නිවේදනයේ සදහන් කොට ඇත්තේ.
ඉන්ධන අවශ්‍යතා ඇති ගුරුවරුන්ට ඔවුන් ළඟ ම ඇති ඉන්ධන පිරවුම්හලෙන් උදෑසන 6 සිට 8 දක්වා අපහසුවකින් තොර ව ඉන්ධන ලබා ගැනීමට පහසුකම් සලසා දෙන ලෙස ද උතුරු පළාත් අධ්‍යාපන ලේකම්වරයා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී ඇති බව සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |