දරුවන්ගේ කිරි දත්වලට වෙච්ච දෙයක්... පරිස්සම් කර ගන්න
මෙරට පෙර පාසැල් හා ප්‍රාථමික පාසැල් දරුවන්ගෙන් විශාල පිරිසක් දන්ත රෝගයෙන් පෙලෙන බව වාර්තා වී තිබෙනවා.
ඒ අනුව පෙර පාසැල් හා ප්‍රාථමික පාසැල් දරුවන්ගෙන් 63% ක් කිරි දත් දිරායාමෙන් පීඩා විඳින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, (20) යෙදී තිබෙන ලෝක මුඛ සෞඛ්‍ය දින ජාතික සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින්.
වැඩිහිටි ජනගහනයෙන් අඩක් විදුරුමස් රෝගවලින් පෙළෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළා. එමෙන්ම මෙරට පිරිමින් අතර බහුලතම පිළිකාව, මුඛ පිළිකාව ලෙස වාර්ථා වන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
මුඛ රෝග ලොව සුලභම රෝග ගණය ලෙස හඳුනාගෙන ඇති බවත් මෙහිදී පැවසුනා, ලොව ජනගහනයෙන් බිලියන 3.7 ක්, එනම් අඩකට ආසන්න ප්‍රමාණයක් මුඛ රෝගවලින් පීඩා විඳින බවත්, අමාත්‍යවරයා කියා සිටියා.
මෙම රෝගවලට රෝග තමන්ගේම වැරදි පුරුදු හා බැඳී පවතීන බවයි, නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ. අධික සීනි භාවිතය, නිසි පරිදි දවසට දෙවරක් දත් නොමැදීම, ෆ්ලෝරයිඩ් දන්තාලේප භාවිත නොකිරීම, දුම්කොළ හා පුවක් සැපීම, මත් වතුර පානය මුඛ රෝග ඇතිවීමට ප්‍රධාන අවදානම් සාධක ලෙස අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
