මාලිමාවේ මන්ත්‍රී පිරිසකගේ සහයත් සමගි ජන බලවේගයට

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසන්නේ කොළඹ නහර සභාවේ නගරාධිපති සමගි ජන බලවේගයෙන් යෝජනා කරන අත්දැකීම් බහුල පුද්ගලයාට මාළිමාවේ පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත බවය.

මාළිමාවෙහි නගරාධිපතිනිය ලෙස යෝජනා කරන කෙනා සහ සමගි ජන බලවේගයෙන්නම් කරන කෙනා අතර අත්දැකීම් හා පරතරය තේරුම් අරගෙන එසේ මාලිමාවේ පිරිසක් සජබ නම් කරන කෙනාට ඡන්දය දීමට සුදානම් වී ඇති බවත් ඔහු පැවසුවා.

කොළඹ මහා නගර සභාවේ මංගල රැස්වීමට දින නියම වෙයි

කොළඹ මහා නගර සභාවේ මංගල රැස්වීමට දින නියම වෙයි

මන්ත්‍රීවරයා කියා සිටියේ කොළඹ මහ නගර සභාව අඛණ්ඩව වසර 20ක් නියෝජනය කළ අයකු සමගි ජන බලවේගය ඉදිරිපත් කරන බවත් ඔහුට මාලිමාවේ අය වුවත් ඡන්දය දෙන බවත්ය.

කොළඹ මහ නගර සභාව හොඳ පරිපාලනයක් සහිත නගර සභාවක් හැටියට ඉදිරියට ගෙන යාමට එම පිරිස සහයෝගය දෙන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.

ෆොටෝ එකක් ගහල එවන්න - ගුවන් ටිකට් පතක් දිනා ගැනීමට අවස්ථාවක්

ෆොටෝ එකක් ගහල එවන්න - ගුවන් ටිකට් පතක් දිනා ගැනීමට අවස්ථාවක්

කොළඹ ප්‍රදේශයේ නගරවාසීන් මුහුදෙන ප්‍රශ්න ගැන අවබෝධයක් තිබෙන කෙනෙක් නගරාධිපති හැටියට පත් විය යුතු බවත් මන්ත්‍රීවරයා පැවසුවා.