විවාහ ගිවිසගැනීමත් සමඟ නැවතත් කරළියට පැමිණි සාමා ෆ්‍රැන්සිස් (PHOTOS)

Srilanka Gossip sama fransis
By Sithumi Sep 28, 2021 05:46 PM GMT
Sithumi

Sithumi

Report

පහුගිය දවස් වල සමාජ මාධ්‍යයේ බොහෝ දෙනාගේ කතා බහටත් ආදරයටත් ලක් වූ චරිත තමයි ශෙවීන් සහ සාමා කියල කියන්නේ. ඉතින් මොවුන් දෙදෙනා බොහොම ආදරණීය චරිත දෙකක්. ඒ ඔවුන්ගේ ආදරය කතාව නිසා. 

 නමුත් ඔවුන් දෙදෙනා පිළිබඳව බොහෝ දෙනා තවදුරටත් කතා කරන්නට ගත්තේ ශෙවීන් ගේ මරණයෙන් පස්සේ. ගොඩනැගිල්ලකින් වැටිලා බොහෝ කාලයක් රෝහල් ගත වෙලා ප්‍රතිකාර ලබමින් සිටියදී තමයි ශෙවීන් මෙලොව හැර යන්නේ.. 

කොහොම වුණත් ඔහුගේ අභාවය ඔහුගේ පෙම්වතිය වූ සාමාට නම් දරා ගැනීමට බොහොම අපහසු දෙයක් වුනා. නමුත් බොහෝ දෙනාගේ ආදරය උපකාර මත ඇය ඇයගේ හිත හදා ගන්නට සමත් වෙලා තිබෙනවා. 

ඉතින් මේ වන විට සමාජ මාධ්‍යයේ ඇය ගැන නැවතත් කතාබහට ලක් වෙන්නට පටන් අරගෙන තියනවා. ඒකට හේතුව වෙන්නේ සාමා නැවත ආදර සම්බන්ධතාවයකට පැටලී තිබෙන නිසා. සාමා ඇයගේ අලුත් ජීවිතය ගත කරන ආකාරය පිළිබඳව ඡායාරූප කිහිපයක් ඇගේ නව පෙම්වතා සමඟ සමාජ මාධ්‍ය ජාලා ගතකර තිබුණා. 

මේ හේතුව නිසාම තමයි බොහෝ දෙනා ඇය ගැන නැවත කතා කරන්නට පටන් අරගෙන තිබුනෙ. ශෙවීන්ගේ මරණයෙන් පස්සේ සමාධිට ගොඩක් අය නැගිටින්නට හේතු කාරණා පහදලා දුන්නත් ඇය දැන් නැගිටලා ඉන්න විට ගොඩක් අය ඇයට නරක ප්‍රතිචාර දෙනවා කියලා කියනවා. ඉතින් පසුගිය දවසක සමාධි විවාහ ගිවිසගත් බව තමයි ආරංචි වෙන්නේ 

.ඇයගේ සැමියා වෙන්නේ tattoo artist කෙනෙක්. ඉතිං මේ ගැන අහපුවාම ගොඩක් කට්ටියට කියන්න දේවල් ගොඩක් තිබුණ. කොහොම වුණත් අතීත ජීවිතයෙන් ඇය ගේ මේ නැගිටීම නම් ගොඩක් කට්ටියට ඇහේ කටු අනින්නාක් වගේ තමයි උනේ. පවුලේ අයගේ පමණක් සහභාගීත්වය ඇතුව බොහොම චාමෙට මේ විවාහ ගිවිස ගැනීම වෙලා තිබුනා. 

කොහොම වුණත් ඇයගේ නව ජීවිතයට සුභ පැතුම් එකතු කරන්නට ඕනෙ. ඒ මොකද කාටවත් අතීතය තුළ ජීවත් වන්නට බැහැ. අපි හැමෝටම ලස්සන අනාගතයක් තියෙනවා.ඒ අනාගතය සාර්ථක කරගන්න එක තමයි හැමෝගෙම ඉලක්කය. එහෙත් අතීතයෙන් ඉගෙනුම් ඉගෙනගෙන වර්තමානයේ ජීවිතයට යහපත් කරගෙන,අනාගතය යහපත් කර ගැනීම තමයි ජීවිතවල අභිප්‍රාය වෙන්නේ.ඉතිං සාමාටත් ඇයගේ සැමියාටත් අපි අනාගතය වෙනුවෙන් සුබ පැතුම් එක් කරනු ලබනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGallery
ReeCha