සරසවි සිසුන් ගුටි කෙලියක - පිරිසක් රෝහලේ..!

Sri Lanka Police Sabaragamuwa University Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Feb 16, 2023 01:57 AM GMT
Sewvandhi

Sewvandhi

Report

 සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් අතර ඊයේ (15) රාත්‍රී කාලයේ නොසන්සුන්තාවයක් හටගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, කළමනාකරණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන නේවාසිකාගාරයේ සිටින සිසුන් පිරිසක් හා එම විශ්වවිද්‍යාලයේ ම ඉගෙනුම ලබන වෙනත් සිසුන් පිරිසක් අතර ආරවුල සිදුව ඇති බවයි.

එහිදී සිදුවු පහරදීමකින් සිසුන් 9දෙනෙක් තුවාල ලබා බලංගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් නේවාසිකව ප්‍රතිකාර ලබයි.

පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සඳහා සමනලවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha