දරුණු ප්‍රහාරයක් පහක් මරුට
By Ashfa
රුසියාව මගින් යුක්රේනයේ ලිවිව් නගරයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇත.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ඊයේ රාත්‍රියේ සිට අද අළුයම දක්වා එල්ල වූ ප්‍රහාරවලින් යුක්රේනු වැසියන් පස්දෙනෙකු මියගොස් ඇති බවයි.
මෙම ප්‍රහාරයෙන් ප්‍රහාරක ඩ්‍රෝන යානා 500 ක් එල්ල කර ඇති බව යුක්රේන ජනාධිපති ව්ලැද්මියර් සෙලෙන්ස්කි පවසයි.
වැඩිදුරටත් පෝලන්ත හමුදාව පවසන්නේ පෝලන්ත ගුවන් කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රහාරක ජෙට් යානා දියත් කර ඇති බවයි.
එමෙන්ම එරට ගොඩබිම් ආරක්ෂක සහ රේඩාර් ඔත්තු බැලීමේ පද්ධතිද ඉහළ සූදානමකින් පවතින බවයි පෝලන්ත හමුදාව පවසයි.