රුසියාවේ පළමු එන්නත් තොගය මෙරටට එයි..

Covid Corona Rushia Sputnik vacseen
By Aruna May 04, 2021 01:32 AM GMT
Report

රුසියාවේ නිෂ්පාදිත 'ස්පුට්නික් V' කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය මෙරටට රැගෙනවිත් තිබේ.

15,000කින් සමන්විත එම එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපොළේ දී භාර ගැනීම සඳහා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැමිණ තිබුණි.

එන්නත් තොගය භාර ගැනීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දී ඇත.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතට අමතරව රුසියාවේ නිෂ්පාදිත 'ස්පුට්නික් V' කොවිඩ් මර්දන එන්නතට ද මෙරට තුළ හදිසි භාවිතය සඳහා පසුගිය දා අනුමැතිය හිමිවිය.

එම එන්නත් මාත්‍රා මිලියන 07ක් අමෙරිකානු ඩොලර් මිලියන 69.65ක මුදලකට මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... https://chat.whatsapp.com/LjkaxucTqx2568uU9nTqfx