මහ බැංකුවෙන් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සම්බන්ධයෙන් ගත් නවතම තීරණය මෙන්න

Report

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (29) දින පැවති රැස්වීමේදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය හෙවත් OPR, දැනට පවතින 8.75% මට්ටමේම පවත්වා ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මහ බැංකුව සඳහන් කළේ දේශීය හා ගෝලීය ආර්ථික තත්ත්වයන් සහ ඉදිරි දැක්ම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.

එසේම 2026 මැයි මාසයේදී ක්‍රියාත්මක කළ දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම මෙන්ම මැදපෙරදිග වර්ධනය වන භූ දේශපාලනික ආතතීන් සහ එල්නිනෝ තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි අවදානම් සම්බන්ධයෙන් ද මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධානය යොමු කර ඇති බව සඳහන්.

තවද මහ බැංකුව පෙන්වා දෙන්නේ 2026 වසරේ පළමු අර්ධයේදී ශ්‍රී ලංකා ආර්ථිකය 4.7%ක සැබෑ වර්ධනයක් වාර්තා කරමින් අඛණ්ඩ ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර තිබෙන බවයි.

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්

එසේම 2026 අගෝස්තු මාසයේදී මෙරට ප්‍රධාන උද්ධමනය වාර්ෂික පදනම මත 8% දක්වා ඉහළ ගොස් ඇත. ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ බලශක්ති මිල ඉහළ යාමේ බලපෑම ආර්ථිකයේ විවිධ අංශ වෙත සම්ප්‍රේෂණය වීමයි.

ඊට අමතරව උද්ධමනය 2027 වසරේ පළමු කාර්තුව දක්වා ඉහළ තනි ඉලක්කම් මට්ටමක පැවතීමෙන් පසුව 5%ක ඉලක්කය වෙත ක්‍රමයෙන් පහළ යනු ඇති බවට අපේක්ෂා කරයි.

එමෙන්ම 2026 අගෝස්තු අවසානය වන විට ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.9ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ ශුද්ධ විදේශ විනිමය මිලදී ගැනීම් ද සංචිත ඉහළ යාමට දායක වී ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.

මේ ලග්න හිමියන් අද අතිශයින්ම ප්‍රවේශම් වන්න - මුදල් ණයට දීම, ණයට ගැනීම හෝ ඇපයට අත්සන් කිරීම කරන්න හිතන්නවත් එපා

මේ ලග්න හිමියන් අද අතිශයින්ම ප්‍රවේශම් වන්න - මුදල් ණයට දීම, ණයට ගැනීම හෝ ඇපයට අත්සන් කිරීම කරන්න හිතන්නවත් එපා

ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ ටැංකි රථ හිමියන් සේවයෙන් ඉවතට? ත්‍රිරෝද රථයකින් ලැබෙන ආදායමවත් ඉන්ධන බවුසරයෙන් ලැබෙන්නේ නෑ

ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ ටැංකි රථ හිමියන් සේවයෙන් ඉවතට? ත්‍රිරෝද රථයකින් ලැබෙන ආදායමවත් ඉන්ධන බවුසරයෙන් ලැබෙන්නේ නෑ