අනිද්දාට හිටපු අමාත්‍ය විමල් වීරවංශට මොකක් වෙයිද? CCIBට කැඳවීමක්
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් කැදවීමක් සිදුකර ඇති බව වාර්තා වේ.
ඒ අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.
එබැවින් සිකුරාදා පෙරවරු 10.00ට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඔහුට දැනුම් දී ඇති බව සඳහන්.
පොලිස්පතිවරයා වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉකුත් දා අනුරාධපුරයේදී පවත්වන ලද රැස්වීමකදී විමල් වීරවංශ අධිකරණයට අපහාසවන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බවට පැමිණිල්ලක් ලැබී ඇති අතර අඳාළ පැමිණිල්ලට අනුව, එම සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා. එහි කොටසක් වශයෙන් ඔහුගෙන් මෙසේ ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බව සඳහන්.