"ඉන්ධන සහනාධාරය අතෑරියොත් ඩීසල් 42%කින් නගී.. ලයිට් බිලත් ඉවරයි" - ඒකාබද්ධ විපක්ෂය

Report

රටේ පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉන්ධන සහනාධාරය ඉවත් කිරීමට මැදිහත් නොවන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ඉල්ලා සිටි බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ඉන්ධන සහනාධාර සම්පූර්ණයෙන්ම ඉවත් කළහොත් ජනතාවට දැඩි ආර්ථික පීඩනයකට මුහුණ දීමට සිදුවන අතර, එය ජන ජීවිතයට බරපතළ බලපෑම් එල්ල කරන බවයි.

ඉන්ධන මිල තවදුරටත් ඉහළ යාම මෙරට ජනතාවට දරාගත නොහැකි තත්ත්වයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් වෙත පෙන්වා දුන් බවද ඔහු ප්‍රකාශ කළේය.

ලෝකයේ තෙල් මිල බහිද්දී ලංකාවේ වැඩි වෙන්නේ ඇයි? බාල ගල් අඟුරු පාඩුව තෙල්වලින් පියවනවාද නාමල්ගෙන් සැර ප්‍රකාශයක්

ලෝකයේ තෙල් මිල බහිද්දී ලංකාවේ වැඩි වෙන්නේ ඇයි? බාල ගල් අඟුරු පාඩුව තෙල්වලින් පියවනවාද නාමල්ගෙන් සැර ප්‍රකාශයක්

මහාචාර්ය පීරිස් මහතා අනතුරු ඇඟවූයේ, සහනාධාර ඉවත් කිරීමෙන් ඩීසල් මිල සියයට 42කින් පමණ ඉහළ යා හැකි අතර, විදුලි බිල්පත් ද සියයට 10කින් පමණ වැඩි විය හැකි බවයි. එමෙන්ම ඖෂධ මිල ගණන් ද තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව ඔහු සඳහන් කළේය.

ලෝක ආහාර වැඩසටහනේ දත්ත අනුව මෙරට ජනගහනයෙන් මිලියන 6කට පමණ දෛනිකව පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීමේ හැකියාව නොමැති බවත්, ලෝක බැංකු වාර්තා අනුව දරිද්‍රතා මට්ටම මේ වන විට සියයට 24.5 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙවැනි පසුබිමක් තුළ ඉන්ධන සහනාධාරය ඉවත් කිරීමෙන් ජනතාවගේ ජීවන වියදම තවදුරටත් ඉහළ ගොස්, ජීවත් වීම පවා අපහසු වන තත්ත්වයක් උද්ගත විය හැකි බව මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

පෞද්ගලික කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක්

පෞද්ගලික කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක්