එක පිට එක අස්වීම්..තවත් ප්‍රබලයෙක් අස්වීම් ලිපිය භාරදෙයි..

By Sewvandhi Sep 24, 2024 08:09 AM GMT
Sewvandhi

Sewvandhi

Report

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් රොෂාන් ගුණතිලක මහතා ඉල්ලා අස්වී තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකරමින් ඒ මහතා ඉල්ලා අස්වෙන බව දැනුම්දී ඇත.

2020.03.25 වන දින සිට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් තමා වෙත පැවරී තිබූ බලතල අනුව බස්නාහිර පළාතේ හා බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ උන්නතිය උදෙසා මෙන්ම බස්නාහිර ජනතාවගේ යහපත වෙනුවෙන් උපරිම ශක්තියෙන් කටයුතු කළ බව ද ඒ මහතා අදාළ ලිපියේ වැඩිදුරටත් දක්වා තිබුණි.

එමෙන්ම 2020 හා 2021 යන වසරවල පැවති කොවිඩ් වසංගතය හමුවේ සහ පසුගිය වසර කිහිපය තුළ පැවති අර්බුදකාරී තත්ත්වයන් තුළ ජනතාවගේ ආරක්ෂාව හා සෞඛ්‍ය තත්ත්වය නඟසිටුවීම උදෙසා බස්නාහිර පළාත් රාජ්‍ය සේවයට නායකත්වය දෙමින් කටයුතු කිරීමට හැකිවීම තමා ලද භාග්‍යයක් බව ද රොෂාන් ගුණතිලක මහතා අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.  

Sri Lanka Presidential Election 2024

  • NPP 5634915
    Anura Kumara Dissanayake
    42.31%
  • SJB 4363035
    Sajith Premadasa
    32.76%
  • IND16 2299767
    Ranil Wickremesinghe
    17.27%
  • SLPP 342781
    Namal Rajapaksa
    2.57%