තත්ත්වය දරුණුයි - රටම කැළඹෙයි - රුමේනියාව රජය බිඳ වැටේ

Report

අග්‍රාමාත්‍ය ඉලී බොපෝජන් ප්‍රමුඛ යුරෝපා හිතවාදී රජය විශ්වාසභංගයකින් පරාජය වීමෙන් යුරෝපා රාජ්‍යයක් වන රුමේනියා රජය බිඳ වැටුණි. අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ යුරෝපා හිතවාදී රජය, බුකාරෙස්ට් නුවර පිහිටි සාමාජිකයන් 330 කින් සමන්විත ව්‍යවස්ථාදායකයේදී මන්ත්‍රීවරු 281 දෙනෙක් රජයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළහ.

මෙම තත්ත්වය හමුවේ, ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම් සහ මුදල් ඒකකයේ ස්ථාවරත්වය කෙරෙහි දැඩි අවදානමක් මතු වී ඇතැයි ද පැවැසෙයි.

පසුගිය අප්‍රේල් මස අගභාගයේදී පාර්ලිමේන්තුවේ විශාලතම පක්ෂය වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, සිවු-පාර්ශවික යුරෝපා හිතවාදී සන්ධානයෙන් ඉවත් වී අන්ත දක්ෂිණාංශික විපක්ෂය සමඟ එක්වීමත් සමඟ බොලෝජන්ගේ රජය සුළුතර පාලනයක් බවට පත් විය.

සුභ ආරංචියක් - ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

සුභ ආරංචියක් - ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

මෙම දේශපාලන කැලඹීම හේතුවෙන් රුමේනියාවේ ‘ලෙයු‘ මුදල් ඒකකය යුරෝවට සාපේක්ෂව වාර්තාගත ලෙස පහත වැටී ඇති අතර, යුරෝපා සංගමයේ අරමුදල් ලබාගැනීමට ඇති හැකියාව පිළිබඳව ද ගැටලු මතු වී ඇත.

මීට මාස 10කට පෙර මෙම සන්ධානය බලයට පත්වූයේ අන්ත දක්ෂිණාංශික බලවේගවල වර්ධනය පාලනය කිරීමේ අරමුණින් වුවද, අග්‍රාමාත්‍යවරයා හඳුන්වා දුන් දැඩි පාලන ක්‍රමවේද හේතුවෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සමඟ නිරන්තර ගැටුම් ඇති විය.

අස්වැසුම වැඩියෙන් ගෙව්වද? Free Lawyers සංවිධානයෙන් නිවේදනයක්

අස්වැසුම වැඩියෙන් ගෙව්වද? Free Lawyers සංවිධානයෙන් නිවේදනයක්

විශේෂයෙන්ම රජයේ වියදම් කපා හැරීම නිසා සිය ඡන්ද පදනම අහිමි වේ යැයි බිය වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, අවසානයේ රජය පෙරළා දැමීමට කටයුතු කර ඇත. මෙම දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් අයවැය හිඟය පියවා ගැනීමට රුමේනියාව දක්වන කැපවීම පිළිබඳව මූල්‍ය වෙළඳපොළ තුළ මේ වන විට සැක සංකා මතු වී තිබේ.