රෝහිත රාජපක්ෂගේ හෝටලයට ගිනි තැබූ හතරකට සිදුවූ දේ
ඉකුත් මැයි 10 වැනි දා, හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂට අයත් කොලොන්න, ගොන්ගලකන්ද ප්‍රදේශයේ පිහිටි හෝටලයකට ගිනි තබා විනාශ කිරීම සහ එහි දේපල හානි කිරීමේ සිද්ධියට අවශ්‍ය කර සිටි සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළොන්න පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (22) සහ පෙරේදා (23) දිනයන්හි දී මෙම සැකකරුවන් සිව් දෙනා අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් සිව් දෙනා වයස අවුරුදු 25ත් 50ත් අතර වයස්වල පසුවන කොළොන්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය නිවේදනය කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොළොන්න පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
YOU MAY LIKE THIS VIDEO
ජනපති රනිල්ට ප්‍රභලයෙකුගෙන් සැර කතාවක්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |