ලෝකයම යළිත් බියෙන් සලිත වෙයි - ඉබෝලා සැකයෙන් බ්‍රසීලයේ දෙදෙනෙකු හදිසියේම නිරෝධායනයට

Report

ඉබෝලා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු බ්‍රසීලයේ සෞඛ්‍ය බලධාරීන් විසින් නිරෝධායනය කර ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සාඕ පවුලෝ සහ රියෝ ද ජැනෙයිරෝ නගරවල සිටින මෙම පුද්ගලයින් දෙදෙනා විශේෂ වෛද්‍ය නිරීක්ෂණ යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් වේ.

වාර්තා අනුව, උගන්ඩාවේ සිට බ්‍රසීලයට පැමිණි බෙල්ජියම් ජාතිකයෙකු සහ කොංගෝ ජාතිකයෙකු මෙලෙස නිරෝධායනයට ලක් කර ඇති අතර, ඔවුන්ට උණ ඇතුළු ඉබෝලා රෝගයට සමාන මූලික රෝග ලක්ෂණ කිහිපයක් පෙන්නුම් කර තිබේ.

ඒ හේතුවෙන් ඉබෝලා ආසාදනයක් පවතින්නේද යන්න තහවුරු කර ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණ සිදු කර ඇති අතර, එහි වාර්තා එළඹෙන සතිය තුළ ලැබෙනු ඇතැයි බ්‍රසීල සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර ඇත.

මේ අතර, මහජන සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලු වැළැක්වීමේ සහ නිරීක්ෂණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර ඇති බවද බලධාරීන් සඳහන් කරයි. 

මීගොඩ මහා ඛේදවාචකයේ සුලමුල එළියට - 6ක් මරාදැමූ කැබ් රථ රියදුරු හොඳටම බීලා ඉඳලා

මීගොඩ මහා ඛේදවාචකයේ සුලමුල එළියට - 6ක් මරාදැමූ කැබ් රථ රියදුරු හොඳටම බීලා ඉඳලා

ආයෙත් ලෝකයම ලොක්ඩවුන් වගේ - මාරාන්තික වෛරසය වේගයෙන් පැතිරෙයි - රෝගීන් 1000 පනියි මරණ ගණන ඉහළට

ආයෙත් ලෝකයම ලොක්ඩවුන් වගේ - මාරාන්තික වෛරසය වේගයෙන් පැතිරෙයි - රෝගීන් 1000 පනියි මරණ ගණන ඉහළට