දිස්ත්‍රික්ක රැසකට වැසි සහ අකුණු අනතුරු ඇඟවීම්

Report

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (01) පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය හැකි බවයි.

ඌව පළාතේ සහ අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක පස්වරු 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බව ද එම නිවේදනයේ දැක්වේ.

මීගොඩ දන්සල් පෝලිමක් ලේ විලක් කරයි - කැබ් රථයකට යටවී 6ක් ජීවිතක්ෂයට

මීගොඩ දන්සල් පෝලිමක් ලේ විලක් කරයි - කැබ් රථයකට යටවී 6ක් ජීවිතක්ෂයට

මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරුමැද, වයඹ සහ දකුණු පළාත් මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ද පැයට කිලෝමීටර් 30 සිට 40 දක්වා තරමක තද සුළං හමා යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.