වෙසක් දන්සල් 17,000කට අධික ප්‍රමාණයක් PHI පරීක්ෂා කරයි

Report

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලද විවිධ දන්සල් පරිශ්‍රයන්හි පිරිසිදුකම සහ ගුණාත්මකභාවය පරීක්ෂාවට ලක් කිරීමේ විශේෂ සෞඛ්‍ය වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය  සහ සෞඛ්‍ය අංශ එක්ව සාර්ථකව ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව මැයි 29, 30 සහ අද (31) යන දින තුනක කාලසීමාව ඇතුළත පමණක් දිවයින පුරා නිල වශයෙන් ලියාපදිංචි කර පවත්වාගෙන ගිය විවිධ මාදිලියේ දන්සල් 17,761 ක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සෘජු නිරීක්ෂණයට සහ විශේෂ පරීක්ෂාවට භාජනය කර ඇත.

මෙම අඛණ්ඩ වැටලීම් සහ පරීක්ෂා කිරීම්වලදී නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ගෙන් බැහැරව, අහිතකර ලෙස ආහාර පිසීම මෙන්ම විවිධ සෞඛ්‍යමය අඩුපාඩු සහිතව පවත්වාගෙන ගිය දන්සල් 148 ක් රට පුරා විවිධ ප්‍රදේශවලින් හඳුනා ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබේ.

කෙසේ වෙතත්, වෙසක් උත්සව සමයේ දන්සල් වැඳපුදා ගැනීමට පැමිණෙන සාමාන්‍ය මහජනතාවට සහ දන්සල් වැඳීමට ආ බැතිමතුන්ට සිදුවන අපහසුතාවයන් මඟහරවා ගැනීම මූලික කරගනිමින්, අදාළ අඩුපාඩු සහිත දන්සල් සම්පූර්ණයෙන්ම වසා දැමීමට සෞඛ්‍ය නිලධාරීන් පියවර නොගත්හ.

පාසල් වාර සහ විභාග කාලසටහන් මාරු කරයි - සාමාන්‍ය පෙළ හා උසස් පෙළත් වෙනස් වෙයි

පාසල් වාර සහ විභාග කාලසටහන් මාරු කරයි - සාමාන්‍ය පෙළ හා උසස් පෙළත් වෙනස් වෙයි

ඒ වෙනුවට එහි පවතින සෞඛ්‍ය ආරක්ෂිත අඩුපාඩු සහ අපිරිසිදුතා වහාම නිවැරදි කරගැනීමට එහි සංවිධායක මණ්ඩල වෙත දැඩි ලෙස අවවාද කරමින් උපදෙස් ලබා දීමට ඔවුහු කටයුතු කළහ.

ඒ අනුව එම සංවිධායකවරුන් විසින් පෙන්වා දුන් අඩුපාඩු එසැණින් සකස් කර සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීමෙන් අනතුරුව, එම දන්සල් නැවත සාමාන්‍ය පරිදි මහජනතාව වෙනුවෙන් පවත්වාගෙන යෑමට සෞඛ්‍ය නිලධාරීන් විසින් අවසර ලබා දී තිබේ. 

විශේෂ දැනුම්දීමක් - මේ ප්‍රදේශයට විශේෂ රථවාහන සැලැස්මක්

විශේෂ දැනුම්දීමක් - මේ ප්‍රදේශයට විශේෂ රථවාහන සැලැස්මක්