තෙල් මිලත් ඉහළට
අද (13) දින ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ 8%කින් බව සඳහන්.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඊශ්‍රායලයෙන් ඉරානයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හමුවේ මෙසේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගොස් ඇති බවයි.
මෙසේ අවසන් වරට තෙල් මිල ඉහළ ගොස් ඇත්තේ රුසියාව සහ යුක්රේනය අතර ගැටුම් ආරම්භ වූ මුල් අවස්ථාවේදී බව ද වාර්තා වේ.
කෙසේ වෙතත් තවමත් අවසානයක් දැක ගත නොහැකි මෙම ප්‍රහාර වර්ධනය වෙමින් පවතී.
ඒ අනුව ඊශ්‍රායලයෙන් ඉරානයේ ටෙහෙරාන් අගනුවරල න්‍යෂ්ටික පරීක්ෂණාගාර ලෙස හදුනාගත් ස්ථාන රැසකට ද ගුවන් ප්‍රාහාර මාලාවක් එල්ල කර තිබුණා.