ශ්‍රීපාද වන්දනාවාරයත් අවසන් වෙයි

Report

2025-2026 වර්ෂය සඳහා වූ ඓතිහාසික ශ්‍රී පාද වන්දනා වාරය ඊයේ (30) වෙසක් පුර පසළොස්වක පොහොය දින මධ්‍යම රාත්‍රියෙන් නිල වශයෙන් අවසන් විය. වන්දනා වාරය නිමාවීමත් සමඟ ශ්‍රී පාද උඩ මළුවේ වන්දනාමාන කිරීම සඳහා තැන්පත් කර තිබූ සුවිශේෂී සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ පූජා භාණ්ඩවලින් කොටසක් චාරිත්‍රානුකූලව පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානය දක්වා වැඩම කරවීමේ කටයුතු අද (31) දින උදෑසන ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව ආරම්භ කෙරිණි.

මෙහිදී ප්‍රථම පෙරහැර රත්නපුර - පලාබද්දල මාර්ගයේ පිහිටි පෞරාණික රජ මාවත ඔස්සේ ගල්පොත්තාවල රජමහා විහාරය බලා වැඩම කරවීම සිදු විය.

පාසල් වාර සහ විභාග කාලසටහන් මාරු කරයි - සාමාන්‍ය පෙළ හා උසස් පෙළත් වෙනස් වෙයි

පාසල් වාර සහ විභාග කාලසටහන් මාරු කරයි - සාමාන්‍ය පෙළ හා උසස් පෙළත් වෙනස් වෙයි

ඉන් අනතුරුව අද දින දහවල් ශ්‍රී පාද උඩ මළුවේ විශේෂ බුද්ධ පූජාව පැවැත්වීමෙන් පසු, තවත් පෙරහැරක් උඩ මළුවේ සිට නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය දක්වා වැඩම කරවන ලදී. එතැන් සිට එම පූජා භාණ්ඩ සහ දේව ප්‍රතිමාවන්, හැටන් - නල්ලතන්නිය, කිතුල්ගල, අවිස්සාවේල්ල සහ රත්නපුර ප්‍රධාන මාර්ගය ඔස්සේ එක් පෙරහැරක් ලෙසත්, තවත් පෙරහැරක් බගවන්තලාව සහ බලන්ගොඩ මාර්ගය ඔස්සේත් ලෙස පෙරහැරවල් දෙකක් වශයෙන් අවසානයේ පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානය දක්වාම වැඩම කරවන බව ශ්‍රී පාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය, ශ්‍රී සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, ආචාර්ය බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියෝ නිල වශයෙන් පැවසූහ.

විශේෂ දැනුම්දීමක් - මේ ප්‍රදේශයට විශේෂ රථවාහන සැලැස්මක්

විශේෂ දැනුම්දීමක් - මේ ප්‍රදේශයට විශේෂ රථවාහන සැලැස්මක්