මොනරාගල ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

Report

මුදල් වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ මොනරාගල ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරයෙකු අද (29) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නිලධාරියා අත්අඩංගුවට පත්ව ඇත්තේ මොනරාගල නගරයේ පොදු වැසිකිළිය ටෙන්ඩර් පදනම මත ලබාගෙන ඇති පුද්ගලයාගෙන් සභාවට අයවිය යුතු රුපියල් 50,000ක මුදලක්, නිල ලදුපතක් නිකුත් නොකර පෞද්ගලිකව ලබා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදීය බව සඳහන්.

සියලුම ජනතාව වෙනුවෙන් විශේෂ ගැසට් නිවේදනයක්

සියලුම ජනතාව වෙනුවෙන් විශේෂ ගැසට් නිවේදනයක්

මොනරාගල නගර මධ්‍යයේදී සිදුකළ මෙම වැටලීමේදී සැකකාර ආදායම් පරීක්ෂකවරයා සන්තකයේ තිබී අදාළ මුදල ද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.

රජයට අයවිය යුතු ආදායම් අවභාවිත කරමින් සිදුකරන මෙවැනි දූෂිත ක්‍රියා මැඩලීම සඳහා අල්ලස් කොමිසම නිරන්තර විමර්ශන පවත්වන අතර, අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි විමර්ශන සහ අධිකරණ ක්‍රියාමාර්ග සඳහා මොනරාගල පොලිසිය වෙත භාර දී තිබේ.

මධ්‍යම කඳුකරයේ ප්‍රධාන ජලාශ වල ජල මට්ටම පහළට

මධ්‍යම කඳුකරයේ ප්‍රධාන ජලාශ වල ජල මට්ටම පහළට