මෙහෙමත් මිනිස්සු - විශ්‍රාමික හමුදා සෙබලෙක් සිසුන් දෙදෙනෙක්ට කැත වැඩක් කරලා
By Ashfa
ත්‍රිකුණාමලයේ ගෝමරන්ගඩවල-අඩම්පන ප්‍රදේශයේ 08 වන ශ්‍රේණියේ පාසල් සිසුන්ට මත්පැන් (කසිප්පු) ලබා දීමේ චෝදනාව මත විශ්‍රාමික හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු 08 වන ශ්‍රේණියේ පාසල් සිසුන් රැගෙන ගොස් බීමක් ලබා දුන් බව පීඩාවට පත් සිසුන්ගේ දෙමාපියන් ගෝමරන්ගඩවල පොලිස් ස්ථානයට දන්වා තිබේ.
මෙම තත්ත්වය තුළ, අදාළ සිසුන් ප්‍රතිකාර සඳහා ගෝමරන්ගඩවල දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති අතර, අධිකරණ වෛද්‍යවරයෙකු විසින් වැඩිදුර පරීක්ෂණ සඳහා ත්‍රිකුණාමලය මහ රෝහලට ගෙන ගොස් ඇත. අදාළ සිසුන්ගෙන් ලබාගත් ප්‍රකාශ මත පදනම්ව හිටපු හමුදා සෙබළා අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රිකුණාමලය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව ගෝමරන්ගඩවල පොලිසිය ද පැවසීය.