කුසල්, දික්වැල්ල සහ ධනුෂ්ක කණ්ඩායමට ගන්නා ලෙස ඉල්ලීමක්
පසුගිය විස්සයි 20 ලෝක කුසලාන තරඟමාලව තුළ දී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් නිරන්තරයෙන් අසාර්ථක වූ බවත් ඊට පිළියමක් වශයෙන් දැනට තරඟ තහනම් පනවා ඇති ක්‍රීඩකයින් තිදෙනා කණ්ඩායමට ඇතුළත් කිරීමට සලකා බලන ලෙසත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියා.
ඒ අද (08) දින පාර්ලිමේන්තුවේ දීයි. කිරිඇල්ල මන්ත්‍රීවරයා මේ බව විමසූ අවස්ථාවේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පැවසුවේ අදාළ තීන්දුව සම්බන්ධයෙන් පළමුව සලකා බැලූ කාරණය විනය බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ඉදිරි පෙළ පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් පසුගිය එංගලන්ත සංචාරයේ දී ජෛව බුබුළු නීතිරීති උල්ලංගණය කිරීම හේතුවෙන් මේ වන විට ජාත්‍යන්තර හා දේශීය තරඟ තහනමකට ලක්ව සිටීටිනවා. ඊට අමතරව ඔවුන්ට මුදල් දඩ ද පනවනු ලැබුවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
