’’මෙරට මත්පැන් භාවිතා කරන්නන්ගෙන් සියයට තිස් හතක් හොර මත්වතුර බොනවා’’ මෙන්න අලුත්ම හෙළිදරව්ව

Report

ලංකාවේ සමස්ත මත්පැන් භාවිතා කරන්නන්ගෙන් සියයට තිස් හතක් පමණ නීති විරෝධී මත්පැන් භාවිතයට ගන්නා බව නවතම සමීක්ෂණවලින් තහවුරු වී තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂණවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සදහන් කර තිබේ .

එතුමා මේ බව ප්‍රකාශ කළේ කොළඹ ඊයේ (7) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

ඒ වගේම මුතුකුඩ මහතා සදහන් කළේ මෙලෙස මත්පැන් භාවිතය ඉදිරියෙදී මෙරට ආර්ථිකයට සහ සෞඛ්‍යයට විශාල අර්බුදයක් නිර්මාණය කරනු ලබන බවයි .

ඔබත් අවදානමට ලක්ද? ගැබ්ගෙල පිළිකා ගැන සෞඛ්‍ය අංශයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

ඔබත් අවදානමට ලක්ද? ගැබ්ගෙල පිළිකා ගැන සෞඛ්‍ය අංශයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

මේ හේතුවෙන් තවදුරටත් ප්‍රමාද නොවී ඊට පිළියම් යෙදීමට වහාම මැදිහත් විය යුතු බව සදහන් කර එතුමා සදහන් කර තිබේ.

වර්තමානය වන විට හොර මත්පැන් භාවිතයේ සියයට තුන්සීයකින් පමණ ඉහළ ගොස් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇති චමිල් මුතුකුඩ මහතා ප්‍රකාශ කර තිබේ.

තව දුරටත් එතුමා සදහන් කළේ ගෝලීය දත්ත වාර්තාවලට අනුව මෙරට මත්පැන් භාවිතය සියයට අනූපහකින් පමණ ඉහළ ගොස් තිබෙන බවත් ඉන් හොර මත්පැන් භාවිතය සියයට තිස් හතක් පමණ වී තිබෙන බවයි.

මෙරට පවතින බෝ නොවන රෝග වන දියවැඩියාව, අධික රුධිර පීඩනය ආදී රෝග ඉහළ යාමට මත්පැන් භාවිත ප්‍රධාන ලෙස බලපා තිබෙන බවත් එතුමා සදහන් කරන ලදි.

මුතුකුඩ මහතා සදහන් කළේ නීති විරෝධී මත්පැන් වල අඩංගු අහිතකර රසායනික ද්‍රව්‍ය (මැතිල් ඇල්කොහොල්, බැර ලෝහ) ශරීරයේ අභ්‍යන්තරික ඉන්ද්‍රියන්ට දැඩි හානි සිදු කරන බවයි.

ඒ වගේම මෙම නීති විරෝධී මත්පැන් හේතුවෙන් අක්මාවේ දුර්වලතා, සිරෝසීස් ( Crrhosis), වකුගඩු, පිළිකා, ඇතුළු අභ්‍යන්තරික අවයවවලට දැඩි හානි සිදුවන බව එතුමා සිහිපත් කර  ඇත.

තවද පවුල් ආරවුල් මානසික ආතතිය වැනි බෝ නොවන රෝග රැසකට මත්පැන් භාවිතයේ මුල් වන බව යළි යළිත් එතුමා අවධාරණය කළේය.

ලේකම්වරයා තවදුරටත් ප්‍රකාශ කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශය දත්ත වලට අනුව ලංකාවේ මත්පැන් භාවිතයෙන්ම වසරකට ලංකාවේ සෘජු හෝ වක්‍ර මරණ 15000 ත් 20000 ක් පමණ සිදුවන අතරින් දිනකට පුද්ගල මරණ40 ත් 50 ක් සිදුවන බවයි.

ඒ වගේම මෙරට සිදුවන්නා වූ මාරක අනතුරුවලින් සියයට විස්සක් මත්පැන් භාවිතය හේතුවෙන් සිදුවන බව තහවුරු වී තිබෙන බවද එතුමා සදහන් කරයි.

මහජනතාවට ‘සැන්ඩි බේ’ වෙරළ තීරය ගැන ආරංචියක්

මහජනතාවට ‘සැන්ඩි බේ’ වෙරළ තීරය ගැන ආරංචියක්

මුතුකුඩ මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙරට මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතයෙන් සිදුවන පුද්ගල මරණ වලින් සියයට අසූ පහක් බෝ නොවන රෝග වලින් සිදුවෙන බව වාර්තා වී ඇති  බවත් මිය යන සෑම පුද්ගලයින් 4 කට 1 ක් මත්පැන් භාවිතය නිසා සිදුවන බව තහවුරු වී ඇති බවත්ය.

මෙම මත්පැන් භාවිතය නිසා මෙරට සෞඛ්‍ය හා ආර්ථික පද්ධතියට වසරකට රුපියල් බිලියන 237 පමණ වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂණවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා ප්‍රකාශ කර ඇත.