අද සවස 4 දක්වා නැවත මේ අයට රතු නිවේදන

Report

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තව දුරටත් අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් නායයෑමේ අනතුරු ඇඟවීමේ තෙවන මට්ටමේ රතු නිවේනය අද දින (22) සවස දක්වා යළිත් නිකුත් කර තිබෙනවා.

එසේම තවත් දිස්ත්‍රික්ක හයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 කට දෙවන මට්ටමේ නිවේදනය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35 කට පළමු මට්ටමේ අවවාදාත්මක නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් නිකුත් කර ඇත.

එබැවින් මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ උඩදුම්බර සහ මැදදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, නිල්දණ්ඩාහින්, හඟුරන්කෙත සහ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හත සඳහා තෙවන මට්ටමේ ඉවත් වීමේ රතු නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට නරක ආරංචියක්

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට නරක ආරංචියක්

ඊට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල මීගහකිවුල, පස්සර කන්දකැටිය, සොරණාතොට, හාලි ඇල සහ බදුල්ල, මහනුවර පාතහේවාහැට, යටිනුවර, පන්විල, ගනවට කෝරළය,උඩුනුවර, පස්බාගේ කෝළය, හාරිස්පත්තුව තුම්පනේ, පාතදුම්බර, අකුරන, හතරලියද්ද, දෙල්තොට, පූජාපිටිය, මිනිපේ, උඩපළාත, ගඟ ඉහළ කෝරළය සහ කුණ්ඩසාලේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, මාතලේ යටවත්ත, රත්තොට,නොවුල, අඹන්ගතකෝරළය, ලග්ගල පල්ලේගම, විල්ගමුව සහ පල්ලේපොළ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය යන ප්‍ර දේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර ඇත.

තවද බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ, ඇල්ල බණ්ඩාරවෙල, හපුතලේ හල්දුම්මුල්ල සහ ඌව පරණගම, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල, මාවතගම, අලව්ව සහ මල්ලවපිටිය,සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ අඹගමුව කෝරළය. කොත්මලේ නැගෙනහිර කොත්මලේ බටහිර, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබෙන බව සඳහන්.

දිවයිනටම කාලගුණයෙන් නිවේදනයක් - රට පුරා වැසි තත්ත්වයේ වෙනසක්

දිවයිනටම කාලගුණයෙන් නිවේදනයක් - රට පුරා වැසි තත්ත්වයේ වෙනසක්

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් මෙම නිවේදන අද (22) පස්වරු 4.00 දක්වා බල පැවැත්වෙන බවත් ප්‍රකාශ කරයි.

එමෙන්ම තෙවන මට්ටමේ රතු නිවේදන නිකුත් කර ඇති මෙම ප්‍රදේශවලට ඉකුත් පැය 24 කාලය තුළ මිලි මීටර් 150 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් වර්ෂාව තව දුරටත් පවතී නම් එම පුදේශවල ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යා යුතු බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි.

එමෙන්ම දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති ප්‍රදේශවලට පසුගිය පැය 24 තුළ මිලි මීටර් 100 ඉක්මවු සහ පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති ප්‍රදේශවලට මිලි මීටර් 75 ඉක්ම වූ වර්ෂාපපානයක් ද ලැබී ඇති බැවින් තව දුරටත් වැසි පවතී නම් ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේක්ෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ස්ටාර්ලින්ක් භාවිතා කරාට දඩ ගහලා

ස්ටාර්ලින්ක් භාවිතා කරාට දඩ ගහලා