රටම ලේ විලක් කළ බන්ධනාගාර ගැටුම් සියල්ලට හේතුව එළි වෙයි - කුමන්ත්‍රණය රටටම කියන රංජිත්
බන්ධනාගාර තුළ මෑතකදී වාර්තා වූ අඛණ්ඩ මරණ සහ නොසන්සුන්කාරී සිදුවීම්, රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව මඟින් සැලසුම් කරන ලද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් දැයි තමන්ට සැකයක් පවතින බවට සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසූ බව සඳහන්.
ඒ අනුව ඔහු පෙන්වා දී ඇත්තේ පාතාලය මර්දනය කළ බව පවසන ආණ්ඩුවට, බන්ධනාගාරගත කර සිටින පිරිස පාලනය කර ගැනීමට නොහැකි වීම හාස්‍යයට කරුණක් බවයි.
එසේම රංජිත් මද්දුම බණ්ඩාර මහතා අවධාරණය කර ඇත්තේ බන්ධනාගාර තුළ මෙවැනි සිදුවීම් එක පිට එක වාර්තා වීම අහම්බයක් විය නොහැකි බවත්, පළමු සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේ දැනගත් බව පැවසූ විෂය භාර අමාත්‍යවරයාගේ ප්‍රකාශය තුළින්ම ආණ්ඩුවේ අසමත්භාවය පැහැදිලි වන බවත් ය.
"බන්ධනාගාරගත කරන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න නෙවෙයි. රථවාහන වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූ අයෙක් පවා එහිදී මිය ගිහින්. මේවා පාලනය කරන්න බැරි ආණ්ඩුවක් කොහොමද රටක් පාලනය කරන්නේ?" යනුවෙන් ඔහු ප්‍රශ්න කළ බව සඳහන්.
ඉකුත් මැතිවරණයේදී 42%ක ජනවරමක් පමණක් ලැබූ ආණ්ඩුව, වර්තමානයේ ජනතාවගෙන් ඈත් වෙමින් පවතින බවත්, එම ජනතා විරෝධය මර්දනය කිරීමට සහ විපක්ෂය දමනය කිරීමට මෙවැනි කෘතිම අර්බුද නිර්මාණය කර හදිසි නීතිය වැනි මර්දනකාරී නීති ගෙන ඒමට ආණ්ඩුව උත්සාහ කරන බවට තමන් සැක කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසූ බව සඳහන්.
එමෙන්ම හොරුන් ඇල්ලීමේ මුවාවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට ඉඩ දිය නොහැකි බවට ද මහලේකම්වරයා අවධාරණය කළ බව වාර්තා වේ.