ජනපති මාලදිවයිනට කළ විශේෂ ආරාධනය මොකක්ද..?
By Sithumi
ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල ආයෝජනය කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයිනට ආරාධනා කර තිබෙනවා.
දෙරට අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා එම ආරාධනය සිදුකර ඇති අතර එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ අධි තාක්ෂණික අංශයේ, කෘෂිකර්මාන්තයේ, ධීවර සහ සංචාරක ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ආයෝජන කිරීම සඳහා මාලදිවයිනට ආරාධනා කරන බවයි.
එසේම මත්ද්‍රව්‍ය උවදුර පාලනයටත් එක්ව කටයුතු කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මාලදිවයිනේ උප ජනාධිපති ෆයිසාල් නසීම් මහතා අතර පැවැති හමුවේදී කරුණු සාකච්ඡා වී තිබෙනවා.