ආණ්ඩුව පළාත් පාලන ඡන්දය දිනන්නේ නැහැ රනිල් කියයි

Report

ආණ්ඩුව ලබන මස 9 වැනිදා පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම ජයග්‍රහණය නොකරන බව එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන අපේක්ෂක හමුවට සහභාගී වෙමිනි.

එම හමුව රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවැත්වුණා.

ආණ්ඩුව විවේචනය කරනවා සේම ආණ්ඩුව කරන හොඳ වැඩ ගැනත් කිව යුතු බව ඔහු මෙහිදී සඳහන් කළා.

දළදා ප්‍රදර්ශනය ඉතා යහපත් ක්‍රියාවක් බවත් දළදා මාලිගාවට ගැසූ අය ඊට සමාව ගැනීමට කටයුතු කිරීම ඉතාම හොඳ ක්‍රියාවක් බවද වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

සහෝදර ප්‍රේමය පෙන්නන්න ගිය කොස්තාපල්ට වැඩ වැරදි

සහෝදර ප්‍රේමය පෙන්නන්න ගිය කොස්තාපල්ට වැඩ වැරදි