ලංකාවම හඬවමින්, ජේෂ්ඨතම කලාශූරිනියක් ජිවන කතරට සමු දෙයි.. (PHOTOS)
මෙරට සිටි ජ්‍යේෂ්ඨතම නර්තනවේදිනියක් වන කලාශූරී රැජිණි සෙල්වනායගම් ඊයේ (20) දින අභාවප්‍රාප්ත විය.
ඇය කලක පටන් අසනීප තත්ත්වයෙන් පසු විය.
ඥාතීන් සඳහන් කළේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුවට දැනුම්දීමට කටයුතු කරන බවයි.
බලංගොඩ ග්‍රාමයේ හැදී වැඩි කලා ලොවට අවතීර්ණ වූ ඇයට "සෙල්වනායගම්" නම ලැබුණේ තම පියාණන්ගෙන් ය.
එමෙන්ම ඇගේ මව නියමාකාර හෙළ කුල කාන්තාවක් බැවින් රැජිණි ද නිබඳව සිංහල සංස්කෘතිය සහ කලා මාධ්‍යයන්ට පෙම් බඳිමින් ඒවා නිර්ලෝභීව අගය කළාය.
කමල් අද්දරආරච්චිගේ මෑණියන් වන ලීලා අද්දරආරච්චි විසින් අර්ථ පතීත්වය දරමින් ජයන්ත චන්ද්‍රසිරි හට මුල්වරට නාට්‍යයක් අධ්‍යක්ෂණය සඳහා අත හිත දුන්නාය.
කමල් අද්දරආරච්චි මෙන්ම ශ්‍රියන්ත මෙන්ඩිස් ද එම නාට්‍ය හරහා කළ එළි බස්නා ලද අතර "සරස්වතී" නම් එම නාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කළේ ද රැජිනි සෙල්වනායගම් විසින් ය.
එකල රැජිනි සුප්‍රකට ජනප්‍රිය නර්තනවේදිනියක් වූ අතර එම නාට්‍යයට සම්බන්ධ වූ බොහෝ දෙනා ආධුනික විය.
එකල "නන්දන වින්දන" වැඩසටහන්වල ඇතුළත් ඇගේ නර්තනයන් අදටත් මතකයේ රැඳී ඇත්තේ ය.
![Gallery](https://cdn.ibcstack.com/article/a61717fb-e5cd-495d-af13-af5321e2c009/23-6533265f82ec3.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/65df364d-7d6b-48f1-9a62-0dc24e8717e6/23-6533265fee5e9.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/7ee842bf-2ba0-4e18-8a5e-e06e157b9d44/23-653326605c04f.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/0e59dce1-b532-482e-8183-1a8208d784d6/23-65332660e716d.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/b7379e90-9a35-4ea1-9940-265a553ed70a/23-6533266169545.webp)
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)