රාජකාරී වේලාවේ මේවා කළොත් වැඩ වරදී - එක් අයෙක් අත්අඩංගුවට
රාජකාරී වේලාවේ මත්පැන් පානය කරමින් සිටි දුම්රිය ගේට්ටු ක්‍රියාකරුවෙකු දුම්රිය ආරක්ෂක අංශ මඟින් ඊයේ (13) දින රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොල්ලුපිටිය උත්තරානන්ද මාවත (අරලියගහ මන්දිරය අසල) ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේ රාජකාරී කරමින් සිටි ගේට්ටු ක්‍රියාකරුවෙක් බව සඳහන්.
එසේම මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයට අනුයුක්තව සේවය කල අයෙක්.
මෙම තැනැත්තා දුම්රිය ලිපිකරු සමාන්තර සේවා සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු බවද වාර්තා වේ.