හප්පලා මරලා වාහනේ නවත්තන්නැතුව ගිහින් අපරාධකරුව පොලිසිය සොයයි
අද (14) දින වරකාපොල පොලිස් වසමේ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ 36 කන්ද කෝවිල අසලදී අලුයම යතුරුපැදිකරුවෙකු අනතුරට ලක්කර රථය නොනවත්වා පලා ගොස් ඇත.
වරකාපොල පොලිස් ස්ථානයට තුවාල ලැබූ යතුරුපැදිකරුවෙකු මාර්ගයේ වැටී සිටින බවට ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලීසිය එම තුවාලකරු වරකාපොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මරණයට පත් පුද්ගලයා වයස අවුරුදු 31ක් වූ ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මෙය රිය අනතුරක් හේතුවෙන් සිදුවූ මරණයක් බවට පොලිසිය විසින් සැකකරයි.
මෘත ශරීරය වරකාපොල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, වරකාපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.