ට්‍රැක්ටර් රථ අනතුරින් 21ක් රෝහලේ

accident nuwara eliya ragala udupussellava road trackter
By Sewvandhi May 21, 2021 10:45 AM GMT
Report

ධාවනය වෙමින් තිබු ට්‍රැක්ටර් රථයක ටේලරය ගැල වී ගොස් ප්‍රධාන මාර්ගය හරහා පෙරළී යෑමෙන් එහි ගමන් ගත් වතු සේවිකාවන් 21දෙනෙක් තුවාල ලබා තිබේ.

තුවාල ලැබු පිරිස නුවර එළිය මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඉන් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රාගල පොලීසිය පවසයි.

අද (21) උදෑසන 8ට පමණ රාගල, උඩුපුස්සැල්ලාව ප්‍රධාන මාර්ගයේ රාගල මැදවත්ත ප්‍රදේශයේ දී එම අනතුර සිදුව තිබේ.

රාගල ප්‍රදේශයේ වතු යායක තේ දළු කැඩීම සඳහා යමින් සිටි වතු සේවිකාවන් පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇත.

අනතුර සම්බන්ධයෙන් ට්‍රැක්ටර් රථයේ රියදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, නුවර එළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඔහු ව ඉදිරිපත් කිරීමට නියමිතය.

You May Like This Video


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now