ඇහෙනකොටත් බය හිතෙන, රෝගයක් යළි හිස ඔසවයි.. පරිස්සමෙන්..
ඊයේ (26) යාපනය ශීක්ෂණ රෝහලේ දී වන්නර්පන්නෙයි ප්‍රදේශයේ කාන්තාවක් මියගොස් තිබෙනවා.
ඒ ජලභීතිකා රෝගය හේතුවෙන් ය.
ඇය මියයාමත් සමගම වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ යාපනයෙන් ජලභීතිකා රෝගයෙන් මියගිය රෝගීන් සංඛ්‍යාව 5ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ යාපනයේ වන්නර්පන්නයි ප්‍රදේශයේ මහේන්ද්‍රන් ශාන්ති නමැති 62 හැවිරිදි කාන්තාවක් වේ.
රජයෙන් දෙන මුදලක්.. 25,000ක් දක්වා ඉහළ දාන්න කැබිනට් අනුමැතිය.. අද සිට රටපුරා කරන්න යන දෙයක් ඒ අතර..
නිවසේ සුරතලයට ඇති කරන සුනඛයා ඇයව සපා කා ඇති අතර සති දෙකකට පමණ පසුව ඇය රෝගී වී යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පසුව ඇය මියගොස් තිබෙන බව වාර්තා වේ.
මියගිය කාන්තාව සම්බන්ධයෙන් යාපනය ශීක්ෂණ රෝහලේ දී අධිකරණ වෛද්‍ය නිලධාරී නාමසිවායම් ප්‍රේම්කුමාර් විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලදී.
එහිදී, එම කාන්තාවගේ මරණයට හේතුව ජලභීතිකා රෝගයේ බැක්ටීයාවන් ශරීරගත වී අභ්‍යන්තර අවයවවලට විනාශයක් සිදු කිරීම නිසා බවට නිගමනය කර තිබෙනවා.
අයාලේ යන සුනඛයින් 2,500ක් පමණ යාපනයේ විවිධ ස්ථානවල ගැවසෙන බව සඳහන් වේ.
කෙසේ වෙතත්, ඔවුන් පාරේ යන මහජනතාවට සපා කෑම නිසා යාපනයේ ජලභීතිකා රෝගීන් සංඛ්‍යාව වැඩිවන බව වාර්තා වේ.