සමාජ මාධ්‍යයේ හැමෝම කතා කළ ගාල්ල බන්ධනාගාරයේ සැමරූ උපන්දිනය පොඩියාගේ බව හෙළිවෙයි

Report

රැඳවියන් පිරිසක් ගාල්ල බන්ධනාගාරයේ පැවැත්වු උපන්දින සාදයක් පිළිබද මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරයන වීඩීයෝව සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

ගාල්ල බන්ධනාගාරයෙන් අදාල සිදුවීම පිලිබඳ වාර්තාවක් ඉල්ලා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඒ.සී ගජනායක මහතා සඳහන් කර තිබේ.

 ගාල්ල බන්ධනාගාරයේ සී වාට්ටුව තුළ කේක් කපමින් උපන්දින සාදයක් පවත්වන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් මෙම දිනවල සමාජ මාධ්‍යයේ බොහෝ සෙයින් ප්‍රචාරය වෙයි.

භාණ්ඩාගාර මුදල් වංචාව ගැන ඇමති නලින්ද කට අරියි

භාණ්ඩාගාර මුදල් වංචාව ගැන ඇමති නලින්ද කට අරියි

අපරාධකල්ලි සමාජිකයෙකු බව කියන අහුන්ගල්ලේ ලොකු පැටී නැමැත්තාගේ සමීපතමයෙකු වන නාමල් නොහොත් 'පොඩියා' නැමැත්තාගේ උපන්දිනය මෙලෙස සමරා ඇති බව අදාල වාර්තාවල දැක්වෙන බව සදහන් වේ.

මෙම රැදවියන් පිරිසක් විසින් එම සැමරුම ඡායාරූප සහ වීඩියෝගත කර ඒවා සමාජ මාධ්‍ය වලටද මුදා හැර ඇති බව වාර්තා වේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඒ.සී ගජනායක මහතා ප්‍රකාශ කර තිබෙනුයේ මෙම සිදුවීම බන්ධනාගාරය තුළ සිදුවු සත්‍ය සිදුවීමක් ද යන්න පිළිබඳව සහ කුමන කාලයේ සිදුවූවක්ද යන්න පිළිබඳ සොයා බලා කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගාල්ල බන්ධනාගාර නිළධාරීන්ට දැනුම් දී ඇති වගයි.  

ඉන්ධන මිල ඉහළ යාම තවත් ප්‍රශ්න ගොඩකට මුල පුරයි - පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ යන ලකුණු

ඉන්ධන මිල ඉහළ යාම තවත් ප්‍රශ්න ගොඩකට මුල පුරයි - පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ යන ලකුණු