භාණ්ඩාගාර මුදල් වංචාව ගැන ඇමති නලින්ද කට අරියි

Report

මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය පිළිබද මේ වනවිට සියලු විමර්ශන කටයුතු සිදු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර තිබේ .

ඒ වගේම එතුමා සදහන් කළේ මුදල් අමාත්‍යංශය හරහා ද මේ සමබන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු වන බවයි.

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති විෂ ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන රටම එකට ජාතික මෙහෙයුම හා සම්බන්ධ වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

ඉන්ධන මිල ඉහළ යාමත් සමග බස් ගාස්තු වන දේ ගැන ගැමුණුගෙන් පැහැදිළි කිරීමක්

ඉන්ධන මිල ඉහළ යාමත් සමග බස් ගාස්තු වන දේ ගැන ගැමුණුගෙන් පැහැදිළි කිරීමක්

  ඒවගේම චේතනාන්විතව යම් නිලධාරියෙකු හෝ නිලධාරීන් කිහිප දෙනෙකු මේ සඳහා සම්බන්ධ වී ඇත් ද යන්න සෙවීම පරීක්ෂණවලින් සිදු කරන බවත් එසේ සිදුව නොමැති නම් මෙවැනි දෙයක් අනාගතයේ දී සිදු නොවන්න ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කර ගැනීම සිය අරමුණ වන බවත් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කර තිබේ .

මේ පිළිබදව තව දුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ මෙවන් අදහසක්  

'සියලු විමර්ශන කටයුතු සිදුවෙනවා.. මුදල් අමාත්‍යංශය පැත්තෙන් අභ්‍යන්තර පරීක්ෂණයකුත් සිදු වෙනවා.. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පහුගිය පෙබරවාරි මාසයේ සිදු කරන ලද පැමිණිල්ල අනුවත් කටයුතු සිදු වෙනවා.. අපිට ඕනකම තියෙන්නේ චේතනාන්විතව යම් නිලධාරියෙකු හෝ නිලධාරීන් කිහිපදෙනෙකු මේකට සම්බන්ධ වුණා ද කියලා හොයා ගන්න.. එහෙම නොවුණා නම් මෙවැනි දෙයක් අනාගතයේ දී සිදු නොවන්න ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කර ගන්න එක.. ඒ අනුව ඒ දෙපැත්තටම අපි කටයුතු කරගෙන යනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හෝ අල්ලස් කොමිසමෙන් කටයුතු සිද්ධ වෙලා ඉන් පසු පියවර තමා නඩු පැවරීමේ කටයුතු සිදු කරන එක.. එම නඩුවලට අදාළ දින මේ වන විටත් අධිකරණය මගින් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ.. අදාළ පාර්ශවයන් දන්නවා කවද්ද නඩු දිනේ කියලා.. ඒක සාමාන්‍යයෙන් Common Knowledge එකක්.. ඒක තමා මැයි දින රැලිවල වේදිකාවේ කියවුණේ.. කොහොමත් ඉදිරි දිනවල එම නඩු ප්‍රකාශය පත්වෙලා තියෙනවා.. ඒ අනුව නඩු කටයුතු සිද්ධ වෙයි''  

ඉන්ධන මිල ඉහළ යාම තවත් ප්‍රශ්න ගොඩකට මුල පුරයි - පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ යන ලකුණු

ඉන්ධන මිල ඉහළ යාම තවත් ප්‍රශ්න ගොඩකට මුල පුරයි - පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ යන ලකුණු