අගමැති මෝදි වාර්තා අතරට
අද (25) දින ඉන්දියාවේ දෙවැනියට වැඩිම කාලයක් ධුරය දැරූ අගමැතිවරයා වශයෙන් වර්තමාන ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි වාර්තා අතරට එක්ව ඇත.
ඒ 2014 වසරේ සිට අඛණ්ඩ දින 4,078ක කාලයක් ඉන්දියාවේ අගමැති ධුරය දරමින් බව සඳහන්.
වාර්තා වන ආකාරයට මින් පෙර ඉන්දියාවේ දෙවැනියට වැඩිම ධුර කාලයක් දැරූ අගමැතිවරයා වූයේ දින 4,077ක කාලයක් අගමැති වශයෙන් කටයුතු කළ ඉන්දිරා ගාන්ධි වේ.
එසේම 1947 සිට 1964 වසර දක්වා ධුර දැරූ හිටපු අගමැති ජවහර්ලාල් නේරු, ඉතිහාසයේ වැඩිම කාලයක් ධුරය දරා ඇති ඉන්දිය රාජ්‍ය පාලකයා බව ද පවසයි.